චීන සංවිධානයක් සමඟ පර්යේෂණ කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර බුද්ධි සේවය වන MI5 එරට විශ්වවිද්‍යාලවලට අනතුරු අඟවා තිබෙනවා.
MI5 පවසන්නේ චයිනා ජෙනරල් ටෙක්නොලොජි රිසර්ච් ඉන්ස්ටිටියුට් නම් සංවිධානය චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තු සේවය සමඟ දැඩි සබඳතා පවත්වන බවයි.
කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව සහ රහස් සන්නිවේදන තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල පර්යේෂණ කරන බ්‍රිතාන්‍ය විද්වතුන් සියයකට වැඩි පිරිසක් එම සංවිධානය ඉලක්ක කර ඇති බවද MI5 සඳහන් කරනවා.
එම සංවිධානයෙන් අරමුදල් ලබාගැනීම හෝ ඒ සමඟ තවදුරටත් කටයුතු කිරීම ජාතික ආරක්ෂක පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ගවලට හේතු විය හැකි බවටත් අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, චීන රජය මෙවැනි ඔත්තු බැලීමේ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය මෙම නව චෝදනා “සම්පූර්ණයෙන්ම ගොතන ලද” බව පවසනවා.










