පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ හෙල්මන්ඩ් ප්රදේශවලට එල්ල කළ ගුවන් ප්රහාරවලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් පාලනය පවසනවා.
මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව තලේබාන් ප්රකාශක සබිහුල්ලා මුජාහිඩ් සඳහන් කළා.
කෙසේ වෙතත්, පාකිස්ථානය පවසන්නේ ප්රහාරවලින් ත්රස්තවාදීන් 22 දෙනෙකු මියගිය බවයි.
විශ්වාසදායක බුද්ධි තොරතුරු මත ත්රස්ත සැඟවුණු ස්ථාන ඉලක්ක කර ප්රහාර එල්ල කළ බව පාකිස්ථාන රජය පවසනවා.
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පසුගිය මාස කිහිපය තුළ පැවති සාපේක්ෂ සාමකාමී තත්ත්වය බිඳ වැටීමත් සමඟ දෙරට අතර යළිත් ගැටුම් උත්සන්න වී තිබෙනවා.
පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ සිට ක්රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් දේශසීමා ප්රහාර සිදුකරන බවට චෝදනා කරන අතර, තලේබාන් පාලනය එම චෝදනා ප්රතික්ෂේප කරනවා.










