අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02කට වැඩි ප්‍රමාණයක් සමඟ කිරිඳිවැල ප්‍රදේශයේදී පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිරිඳිවැල, දික්කන්ද වත්ත ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකින් මෙම සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 225කට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.
මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ගණේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙක්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අද දිනයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.










