AFC Banner
Empty Ad
Empty Ad

ඇමති මහින්දානන්ද ට එරෙහි විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 31 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (08) නියෝග කළේය.

2015 වසරේ  පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් පමණ වටිනා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුවට අදාළ ව ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව අමල් රණරාජා සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දී තිබේ.

මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයාට මේ මස 26 වනදා සිට 28 වන දා දක්වා කාල සීමාව තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවට සහභාගිවීමට ආරාධනා ලැබී ඇති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් ඊට සහභාගි වීමට අවශ්‍ය වී ඇති හෙයින් දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදේශ ගමන් තහනම් නියෝගය තවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?