අනෝජන්ව බේරගන්න ශ්‍රී ලාංකික කණ්ඩායමක් සඳුදා සෞදි අරාබිය බලා පිටත්ව යයි

අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සඳුදා (05) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමාරප්පෙරුම සහ ෆයිසර් මුස්තාපා මෙම දූත පිරිසට ඇතුළත්.

මෙම කණ්ඩායම ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා සෞදි අරාබියේ නීතිඥ සංගම් දෙකක නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, අනෝජන් සිවරාසාගේ නිදහස තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලමින් රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නා හිමිවරුන් පසුගියදා ජනාධිපතිවරයා වෙත සන්දේශයක් භාර දුන්නා.

ඔහුගේ දඬුවම ලිහිල් කිරීම ඉල්ලා සිටින අභියාචනයක් නීතිපති දෙපාර්තමේන්තුව හරහා සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම කාරණය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධීකරණය අඛණ්ඩව සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් මුලින් අනෝජන් සිවරාසාට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩ මුදලක් නියම කර තිබුණා.

අනෝජන්ගේ පාර්ශ්වය විසින් අභියාචනයක් ගොනු කිරීමෙන් අනතුරුව, එම දඬුවමට එරෙහිව තවත් අයදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එම අභියාචනා සලකා බැලීමෙන් පසුව පසුව ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

කල්මුණේ, නට්පිට්ටිමුනයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනෝජන් සිවරාසා රැකියාව සඳහා සෞදි අරාබියට ගොස් තිබුණේ මීට මාස නවයකට පෙරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16