වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 207ක සුරාබදු ආදායමක්

මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට රුපියල් බිලියන 207ක සුරාබදු ආදායමක් උපයාගෙන ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එල්.ඒ ප්‍රේමලාල් පවසනවා.

කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මෙම වසර තුල දී රජය විසින් තම දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 245 ආදායම් ඉලක්කය ලබා දී ඇති බවයි.

පසුගිය වසර තුළ දී රජය විසින් ලබාදුන් සුරාබදු අදායම් ඉලක්කය ඉක්මා යෑමට තම දෙපාර්තමේන්තුව වෙත හැකියාව ලැබුණු බවත් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

පසුගිය 2025 වසර තුළ රජය විසින් රුපියල් බිලියන 227ක ඉලක්කයක් ලබා දී තිබූ බවත්, බිලියන 233ක ආදායම් ඉලක්කයක් සපුරාගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළා.

මේ අතර හෙට (03) දිනය යෙදී ඇති ලෝක අමාධ්‍යප දිනය වෙනුවෙන් සියලුම මත්පැන් හල් වසා තැබිය යුතු බවයි ඔහු දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06