පාකිස්ථානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා වන ශ්රී ලංකා සංචිතය ප්රක්ෂයට පත්කර තිබෙනවා.
සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර පසුගිය එංගලන්ත සංචාරයේ දී ආබාධයට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංග වෙනුවට නැගී එන යොවුන් ක්රීඩක සිනෙත් ජයවර්ධන සහ දඟපන්දු යවන ක්රීඩක විජයකාන්තන් වියස්කාන්ත් සංචිතයට එක්ව සිටිනවා.
එමෙන්ම කුසල් මෙන්ඩිස් වෙනුවට පසුගිය එංගලන්ත සංචාරයේ දී නායකත්වය දැරූ චරිත අසලංක, මෙවර පාකිස්ථානයට එරෙහි සංචිතය වෙත ඇතුළත් කර නැහැ.










