කටුනායකට ගුවන් යානා ඉන්ධන ගේන නළ මාර්ගයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යපෘති ක්‍රියාත්මකයි.

මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත ඉල්ලුම සාර්ථකව සපුරාලමින්, ගුවන් ඉන්ධන සැපයුම් සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ප්‍රවාහන වියදම් අවම කිරීම අරමුණු කරගනිමින් මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින්, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහාම වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම් සිදු කෙරේ. ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් නව ජෙට් ඒ-1 ඉන්ධන ටැංකි පහක් ඉදිකිරීම් ආරම්භ වන අතර මෙහි විශාල ජෙට් ඒ-1 ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 30,000 බැගින්) මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 15,000 බැගින්) සහ ඝන මීටර් 2,000ක වන අතිරේක ටැංකියක් ඇතුළත් වේ. මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කිලෝමීටර් 21ක් දිග සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඔස්සේ ගුවන්තොටුපොළ වෙත ඉන්ධන සැපැයුම් නළ පද්ධතිය සම්බන්ධ කෙරේ. මෙම ව්‍යාපෘතිය මාස 30කින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ඛනිජ තෙල් කර්මාන්තයෙහි ගබඩා සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙස, ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) විසින් මුතුරාජවෙල පර්යන්තයේ නව ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම් අද ආරම්භ කළේය. මෙය නිම කිරීමෙන් පසු ඝන මීටර් 15,000ක ටැංකි 02ක් සහ ඝන මීටර් 10,000ක ටැංකියකින් යුතුව ටැංකි තුනක පද්ධතියක් මඟින් ඝන මීටර් 40,000ක අමතර මුළු ගබඩා ධාරිතාවක් සපයනු ඇත. එමඟින් පර්යන්තයේ ඛනිජ තෙල් ගබඩා හැකියාවන් තවදුරටත් වැඩිදියුණු වන අතර රටේ ඛනිජ තෙල් යටිතල පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීමට එයින් සහාය ලැබේ. මෙම ව්‍යාපෘතිය මාස 18ක කොන්ත්‍රාත් කාලසීමාවකින් යුක්ත වන අතර, එය 2028 අප්‍රේල් මාසයේදී අවසන් කිරීමට නියමිතයි.

වැඩිදියුණු කළ ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කරමින්, අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ කර්මාන්තයේ පිළිගත් හොඳම භාවිතයන්ට අනුකූලව මෙම ටැංකි ඉදිකෙරෙමින් පවතී. මෙම අතිරේක ගබඩා ධාරිතාව මගින් රටේ ඉන්ධන සංචිත ශක්තිමත් කිරීම, මෙහෙයුම් නම්‍යශීලීභාවය වැඩිදියුණු කිරීම සහ රටේ වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන නිෂ්පාදන විශ්වාසනීයව සහ බාධාවකින් තොරව බෙදා හැරීමට සහාය වීම සිදු කෙරේ.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා යන මහත්වරුද, විදෙස් තානාපතිවරුද, බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, සිනොපෙක් ආයතනයේ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

image
image
image 1
image 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06