හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතා නොතීසි නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සළකාබැලිමෙන් අනතුරුවයි.
සුරේෂ් සලේ ජාතික රෝහලේ සැප්තැම්බර් 28 වැනිදා දක්වා රඳවා සිටිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා.
එම දිනට පසුවී ඇති බැවින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා මෙලෙස නොතිසි නිකුත් කරනු ලැබුවා.










