චීනයේ කර්මාන්ත ක්ෂේත්රයේ ලාභ වර්ධනය පසුගිය නොවැම්බර් මාසයෙන් පසු අඩුම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වනවා.
එමඟින් චීන ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම තවමත් සීමිත මට්ටමක පවතින බවට සංඥා ලැබෙන බව බ්ලූම්බර්ග් වාර්තා කර තිබෙනවා.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ නවතම දත්ත අනුව, පසුගිය මාසයේ කර්මාන්ත ලාභ පෙර වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 4.2කින් පමණක් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
ජූලි මාසයේදී එම වර්ධනය සියයට 11.2ක් වූ අතර, බ්ලූම්බර්ග් ආර්ථික විශ්ලේෂකයන්ගේ අපේක්ෂාව වූයේ සියයට 8ක වර්ධනයක්.
කෙසේ වෙතත්, ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය සැලකූ විට චීනයේ කර්මාන්ත ලාභ සියයට 15.7කින් ඉහළ ගොස් තිබෙනවා.
විශ්ලේෂණයට අනුව, චීන කර්මාන්ත ලාභයේ මෑත වර්ධනයට ඉහළ තෙල් මිල සහ කෘත්‍රිම බුද්ධි (AI) ආශ්රිත කර්මාන්ත ඇතුළු සීමිත ක්ෂේත්‍ර කිහිපයක ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස දායක වී තිබෙනවා.
එම නිසා පුළුල් කර්මාන්ත පදනමක් හරහා ආර්ථික ප්‍රකෘතිමත් වීමක් සිදුවන්නේද යන්න පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන්.
නව දත්ත මගින් චීනයේ නිෂ්පාදන හා කර්මාන්ත අංශය මුහුණදෙන අභියෝග මෙන්ම ආර්ථික වර්ධනය පවත්වා ගැනීමේ අභියෝගද තවදුරටත් පැහැදිලි වන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.













