පෞද්ගලික අංශයේ රැකියා කරන අයට සුබ පුවතක්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප වැඩි කිරීම සඳහා වේතන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති රුපියල් දස දහසක් වන අවම වැටුප රුපියල් 12,500 දක්වා ඉහළ යනු ඇති.

මීට අමතරව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප ද රුපියල් 400යේ සිට 500 දක්වා ඉහළ දැමීමට අදාළවද නීති සංශෝධනය කර තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ උපදේශ කාරක සභාවේදී ඊයේ මේ පිළිබදව සාකච්ඡා වී ඇති අතර, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට අවධානය යොමු වූ බවත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළා.

මේ අතර, වීසා නොමැතිව රැදී සිටින විදේශිකයන්ට එම කාලය වෙනුවෙන් වීසා ගාස්තුවලට අමතරව ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරීම ඇතුළු වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සංශෝධනය කිරීමටද අවධානය  යොමුව තිබෙනවා.  සංචාරක වීසා ගාස්තු අය කිරීමේදී විවිධ රටවල් සඳහා පැවති විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකීය ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම ද සංචාරක කාර්යයන් සඳහා නිකුත් කරනු ලබන සංචාරක වීසා කාලසීමාව මාස තුනේ සිට මාස 09 දක්වා  දීර්ඝ කිරීම කෙරෙහිද අවධානය යොමුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09