ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා.
අදාළ නඩුව අද (30) කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නෑ.
ඒ, අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවුණා.













