මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඉදිරි මාස 03ක කාලයක් ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා මෙම සහනය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්ද, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක්ද, දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15ක්ද වෙන් කිරීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමකින් තොරව පාරිභෝගිකයන්ට දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීම මෙම සහනාධාරය ලබාදීමේ අරමුණ වී තිබෙනවා.













