සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්ත නායක හැරී බෲක් සමත් වුණා.
ඒ, අනුව එංගලන්ත නායකයා ඕවල් තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග දෙක දෙපිළම එක බැඟින් ජයගෙන සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය දෙපිළටම තීරණාත්මක වනවා.













