මෑතකදී ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් හමුදා ගැටුම්කාරී තත්ත්වය මහා පරිමාණ යුද්දයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මැදිහත්වීමෙන් හැකි වූ බව පාකිස්ථාන අග්රාමාත්ය ෂෙහ්බාස් ෂරීෆ් පවසනවා.
ට්රම්ප්ගේ එම මැදිහත්වීමෙන් දකුණු ආසියානු කලාපයේ මිලියන සිය ගණනකගේ ජීවිත බෙර ගැනීමට හැකි වූ බවත් පාකිස්ථාන අග්රාමාත්ය සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින්.
මැදපෙරදිග කාලයේ හටගත් යුදමය තත්ත්ව්යා සඳහා පාකිස්ථානය මැදිහත් වූ ආකාරය පිළිබදව ද සඳහන් කළ ෂරීෆ්, අමෙරිකාව සහ ඉරානය අතර මුහුණට මුහුණ සකච්ඡා වල සිට ඉස්ලාමාබාද් නුවර දී ඇතිකරගත් අවබෝධතා ගිවිසුම දක්වා පාකිස්ථානය එම යුදමය තත්ත්වය විසදීම සඳහා මැදිහත් වූ බව සඳහන් කළා.













