අල්ලස් පිරිනැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාන්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිට වූ සිරදඬුවමක් ලබා දෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනාවකට අදාළව ඇයව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.













