දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (25) නියෝග කළා.
සැකකරුට ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා
නොවැම්බර් 20 නඩුව යළි කැඳවිමට නියමිතයි .













