චීනයේ තරුණ රැකියා විරහිතභාවය 18.9% දක්වා ඉහළට – AI නිසා රැකියා වෙළෙඳපොළට අලුත් පීඩනයක්

චීනයේ තරුණ රැකියා විරහිතභාවය අගෝස්තු මාසයේදී සියයට 18.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තාගත උපාධිධාරීන් සංඛ්‍යාවක් රැකියා වෙළෙඳපොළට එක්වීම සහ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය පුළුල්වීම තරුණ රැකියා අර්බුදය තවදුරටත් සංකීර්ණ කරමින් තිබෙනවා.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනුව, අධ්‍යාපනයේ නොසිටින වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණයන්ගේ රැකියා විරහිතභාවය ජූලි මාසයේ පැවති 17.9% සිට අගෝස්තු මාසයේදී 18.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවර ගිම්හානයේදී පමණක් විශ්වවිද්‍යාල සිසුන් මිලියන 12.7ක් පමණ උපාධිය ලබා රැකියා වෙළෙඳපොළට එක්ව ඇති බවයි වාර්තා වන්නේ. දුර්වල දේශීය ඉල්ලුම සහ මන්දගාමී ආර්ථික ක්‍රියාකාරිත්වය හමුවේ ඔවුන්ට ප්‍රමාණවත් පුහුණු හා වෘත්තීය රැකියා නිර්මාණය කිරීම චීන ආර්ථිකයට අභියෝගයක් වී තිබෙනවා.

විශේෂයෙන් තාක්ෂණික සමාගම් AI මත පදනම් වූ මෙවලම් වැඩි වශයෙන් භාවිත කිරීමත් සමඟ, නවක සහ ප්‍රවේශ මට්ටමේ රැකියා අවස්ථා අඩුවීම හෝ එම රැකියාවලට අවශ්‍ය කුසලතා වෙනස්වීම පිළිබඳ තරුණ උපාධිධාරීන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවකට අනුව, නැගෙනහිර ආසියාවේ වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණයන් දරන රැකියාවලින් සියයට 7.5ක් පමණ AI තාක්ෂණයේ ඉහළ බලපෑමකට නිරාවරණය වී තිබෙනවා. එම රැකියාවලින් සියයට 10ක් අහිමි වුවහොත් කලාපයේ තරුණයන් මිලියන 1.5කට පමණ වෙනත් රැකියා සෙවීමට, රැකියා විරහිත වීමට හෝ ශ්‍රම වෙළෙඳපොළෙන් ඉවත් වීමට සිදුවිය හැකි බව එහි ඇස්තමේන්තු කර තිබෙනවා.

කෙසේ වෙතත්, AI බලපෑමට නිරාවරණය වන සියලු රැකියා අහිමි වන බව මෙයින් අදහස් නොවන අතර, බොහෝ රැකියාවල කාර්යභාර සහ අවශ්‍ය කුසලතා වෙනස්වීමක් සිදුවිය හැකි බව ද අවධාරණය කෙරෙනවා.

චීනය 2023දී තරුණ රැකියා විරහිතභාවය ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කර අධ්‍යාපනය ලබන තරුණයන් එම දත්තවලින් ඉවත් කළ බැවින්, නව සංඛ්‍යා පැරණි දත්ත සමඟ සෘජුව සැසඳීම අපහසුයි. පැරණි ක්‍රමවේදය යටතේ 2023 ජුනි මාසයේදී තරුණ රැකියා විරහිතභාවය 21.3%ක් ලෙස වාර්තා වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59