වතුර බෝතලයකින් වැඩිපුර රු.100ක් ගත්තට මිලියනයක දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගයකින් රුපියල් 1,000,000ක දඩයක් නියම කර තිබෙනවා.

දුම්රියපොළ පාර, ඇල්ල ලිපිනයේ අදාළ ආපනශාලාවේ සිදුකළ වැටලීමේදී, 2025.04.01 දිනැති අංක 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1 පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රුපියල් 100ක උපරිම සිල්ලර මිල ඉක්මවා එම බෝතලයක් රුපියල් 200කට අලෙවි කර තිබීම අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

අංක 93 දරන නියෝගය අනුව එම ප්‍රමාණයේ බෝතලයක උපරිම සිල්ලර මිල රු.100/-ක් වූ අතර එම නියෝගය 2025.04.01 දින සිට ක්‍රියාත්මක වුණා.

අදාළ නඩුව ඊයේ (23) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රු.1,000,000ක දඩයක් නියම කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59
Video thumbnail
නාමල් වටා රැස්වෙන සෙනඟ නවත්තන්න හදන්නේ - විපක්ෂය හදන්නේ ආණ්ඩුව රැකගන්නද ?
03:08
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයත් වාන් දමයි
00:47
Video thumbnail
මහ වැස්සත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ මුළු පාරම වතුරෙන් වැහිලා
00:39
Video thumbnail
විශාල ගසක් කඩා වැටී තිදෙනෙකුට බරපතලයි
02:30
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55