ෆයිසර් එන්නතෙහි ඵලදායිතාව අඩු වෙයි

ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග තම රට තුළ ෆයිසර් – බයොඑන්ටෙක් එන්නතෙහි ඵලදායිතාව යම් පමණකින් අඩු වී ඇති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.ඔවුන් සඳහන් කර ඇත්තේ වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා සහ සාමාන්‍ය රෝග ලක්‍ෂණ මතු වීම වැළැක්වීම සඳහා එන්නතට තිබූ හැකියාව සියයට 64ක් දක්වා අඩු වී ඇති බවයි.

කලින් සමස්තයක් ලෙස මෙම එන්නතෙහි සියයට 95ක ඵලදායිතාවක් පැවැති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් බරපතළ රෝග ලක්‍ෂණ ඇත වීම වැළැක්වීමට සහ රෝහල්ගත වීම වැළැක්වීමට ඊට ඇති හැකියාව සියයට 94ක මට්ටමෙහි පවතින බව ඔවුන් සඳහන් කර තිබේ.ෆයිසර් එන්නතේ ඵලදායිතාව මේ ආකාරයෙන් පහත වැටී ඇති බව වාර්තා වන්නේ ජුනි මාසයේ ආරම්භයත් සමගය. ඊශ්‍රායලය තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන්නට පටන් ගත්තේත්, සෞඛ්‍ය සීමා ලිහිල් කෙරුණේත් මේ කාලයේයි.

ඊශ්‍රායලය කොවිඩ් වසංගතය ඉතා හොඳින් කළමනාකරණය කළ රටක් වන අතර ලෝකයේ කාර්යක්‍ෂම එන්නත්කරණ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන රටකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49