16 හැවිරිදි දැරියක් කපා කොටා දැමු තරුණයා කොටු වු හැටි

මව පියා අහිමි 16 හැවිරිදි දැරියක් තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කළ බව කියන 26 හැවිරිදි තරුණයා බලන්ගොඩ ප්‍රදේශයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන අද (06) දින දඹුල්ල පොලිසියට රැගෙන ආ බව පොලිසිය පවසනවා.

දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන ප්‍රදේශයේ සිය මිත්තණිය සමඟ ජීවත් වූ මෙම 16 හැවිරිදි දැරිය පසුගිය 30 දින නිවස තුළදීම මෙම දරුණු ප්‍රහාරයට ලක්ව මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයට මේ වන විට පැය 10කට අධික බරපතළ සැත්කමක් සිදු කර ප්‍රතිකාර ලබනවා.

26 හැවිරිදි තරුණයා මාතලේ ප්‍රදේශයේ සැගවී සිටි බවත් මේ සිද්ධිය ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ බස් රථවල කඩින් කඩ ගොඩවෙමින් බලන්ගොඩ ප්‍රදේශයට පලාගොස් ඇති බවට දඹුල්ල පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව කොන්ත්‍රාත් සමාගමක නවාතැන් පොලක රැදී සිටියදී බලන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

මෙම තරුණයා මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරත වන තරුණයකු බව පොලීසිය පවසනවා.

මෙසේ බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන්නේ අනුෂා සෙව්වන්දි වීරසිංහ නැමැති දැරියක්. ඇය මව හා පියා අහිමිව සිය මලනුවන් හා දැඩි අසනීප තත්ත්වයෙන් පෙළෙන මිත්තණිය සමඟ කුඩා කාලයේ සිට ජීවත්වන බව පොලිසිය පවසනවා.

මෙම දැරිය පදිංචිව සිටින ප්‍රදේශයේ නිවසට සැකකාර තරුණයා උත්සවයකට පැමිණි අවස්ථාවක එම නිවැසියන් මෙම දැරියට තරුණයා විවාහ කරදීම සඳහා යෝජනා කළ බවත් ඒ අනුව නිතර නිතර මෙම තරුණයා මෙම දැරිය හමුවීමට පැමිණ සිටියද එම යෝජනාව මෙම දැරිය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තරුණිය පහර කෑමට ලක් වූ බව දැරියගේ මිත්තණිය වන ආර්.එම්.නන්දාවතී මහත්මිය පැවසුවා.

මදක් දෑස් පෙනෙන මෙම මිත්තණිය කියා සිටියේ අදාළ තරුණයා නිවසට පැමිණ විනාඩි කිහිපයක් දැඩි කලබලයකින් යුතු ව පසු වූ බවය. ඒත් සමගම තම මිනිපිරිය කාමරයේ සිටියදී එම කාමරයට ගිය බවත් මිත්තණිය මුළුතැන්ගෙයි සිටියදී එකවරම ඇසුණු ශබ්දය නිසා කාමරයට දිව එද්දී තාම මිනිබිරියට පහරදුන් තරුණයා තියුණු පිහියක් ද අතැතිව පලාගිය බව පැවසුවා.

දැරියගේ හිස්කෙස් පාද දක්වා දිගට තිබුණු බවත් එම හිස්කෙස් පවා තියුණු පිහිවලින් කපා බිම දමා තිබුණු බව ඇය වැඩිදුරටත් පැවසුවා.

පහර කෑමට ලක්වූ දැරිය අසාධ්‍ය තත්වයේ දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය ද ඇය ළඟ සිටි ඥාතිවරියක කියා සිටියේ තම ඥාති දියණියට දැඩි ප්‍රහාරයක් ලක්ව තිබෙන බවත් ඇයට පැය 10ක පමණ සැත්කමක් සිදු කොට තිබෙන බව ද එමෙන්ම ඇයගේ අතක් ඇඟිල්ලක් ද අහිමිව පිට හා ගෙල ප්‍රදේශය දරුණු තුවාල වී ඇති බවයි.

අඩුම තරමේ විදුලිය හෝ නොමැති කුප්පි ලාම්පු එළියෙන් ඉතාමත් දිළිඳු මට්ටමේ අසරණව ජීවත් වන මෙම පවුලේ අසරණකම උපයෝගී කරගෙන වයස අවුරුදු 26ක් වූ තරුණයෙකුට මෙම බාලවයස්කාර දැරිය විවාහ කර දීම සඳහා දෑස් නොපෙනෙන මිත්තණියට බලපෑම් කළ තරුණයාගේ ඥාතීන් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතා පවසනවා.

දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?