සනත් ජයසුන්දරට සත් වසරක ක්‍රිකට් තහනමක්

2021.07.06 වන එනම් අද දින අප වෙබ් අඩවියේ පලකල සනත් ජයසුන්දරට සත් වසරක ක්‍රිකට් තහනමක් යන පුවතෙහි ජායාරූපය අප හට සිදු වු වැරදීමකින් හිටපු ප්‍රවීණ ශ්‍රි ලංකා ක්‍රිඩක සනත් ජයසුරිය මහතාගේ ජායාරූපය පලවි තිබුණි. ඒ සම්බන්ධව සනත් ජයසුරිය මහතාට සිදුවු අපහසුතාවය සම්බන්ධව ගොසිප් ලංකා නිව්ස් අප කණගාටුව පලකර සිටිමු. එම පුවත පහතින්..

සනත් ජයසුන්දරට සත් වසරක ක්‍රිකට් තහනමක්

ක්‍රිකට් ආයතනයේ හිටපු දස්කම් විශ්ලේෂක – සනත් ජයසුන්දර හට සියලුම තල වල ක්‍රිකට් තරග වලින්  වසර 7ක තරග තහනමක් පනවා තිබේ.

ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරිමට තමා වෙත අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් කරනු ලැබු ප්‍රකාශයක් මත දස්කම් විශ්ලේෂක 2019දී සනත් ජයසුන්දර සිය ධූරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබුණි.   

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබූ තහනමද එම අත්හිටුවීම ක්‍රියාත්මක වූ 2019 මැයි 11දා සිට බලපැවැත්වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා හට අල්ලසක් ලබාදීමට උත්සාහ කිරීම හා අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණය පමා කිරීමට හෝ බාධා පැමිණවීමට කටයුතු කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනා වේ.

මේ සම්බන්ධයෙන් අයි.සී.සී. සාමාන්‍යාධිකාරී – ඇලෙක්ස් මාෂල් පවසා ඇත්තේ අමාත්‍යවරයකුට අල්ලස් දීමට ජයසුන්දර දැරූ උත්සාහය බරපතල වරදක් වන බවත්, කිසිඳු පසුතැවිල්ලකින් තොරව  ඔහුගේ ක්‍රියාවන් වසාගැනීමට දරා ඇති උත්සාහයන් අතිශයෙන්ම කනස්සලුදායක බවත්ය.

“අප ක්‍රීඩාව තුළ දූෂිත ලෙස හැසිරීම අප විසින් නොඉවසන අතර එවැනි හැසිරීම් වැළැක්වීම සඳහා මා කණ්ඩායම දිගින් දිගටම, තදින්ම කටයුතු කරනවා… මේ තහනම, වැරදි පාරේ යාමට පෙළඹිය හැකි ඕනෑම කෙනෙකුට පාඩමක් විය යුතුයි, ” යැයි ඔහු කියා සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..අපි ළඟදිම ගල් අඟුරු කොමිසමට යනවා
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54