අන්තර්ජාලයෙන් විකුණු ලාබාල දැරිය අපයෝජනය කළ විශේෂඥ වෛද්‍යවරයා

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා .

වෛද්‍යවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයා දැරිය තැන තැන රැගෙන යාමට උදව් කළ තැනැත්තකු බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ .

අද (6) අලුයම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹට ආසන්න රෝහලක සේවය කරන්නකු බවත් ,සෙසු සැකකරු ඊයේ(5) රාත්‍රියේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

මොවුන් දෙදෙනත් සමග ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට රිමාන්ඩ් බාරයට පත්කර තිබෙනවා

මෙම 32 අතරට මාලදිවයින් ජාතිකයෙකුත්, හෝටල් කාමර ලබා දුන් අයත්, වෙබ් අඩවිවල හරහා විකුණු අය,වෙබ් අඩවි අයිතිකරුවන් සහ එහි දැන්වීම් නිර්මාණය කළ අය , දැරියව ප්‍රවාහනය කල අය ,අපයෝජනය කල අය අයිති වන බවත් ඔහු සඳහන් කරනවා

මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

එමෙන්ම මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ,ඉදිරියේදී වෙබ් අඩවි පිළිබඳව පුර්ණ විමර්ශනයක් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42