භානුක රාජපක්ෂට අත්හිටවූ තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර දෙකක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් සහ අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් නියම කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු විසින් යූ-ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, සිදු කරනු ලැබු ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන්.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී  භානුක රාජපක්ෂ ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන විවේචන ඉදිරිපත් කළා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග 2019 – 2020 වසර සඳහා ඇති කරගත්, ක්‍රීඩක ගිවිසුමේ වගන්ති උල්ලංගනය කර ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ විනය කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ් අනුවයි, භානුකට ඉහත කී දඩුවම පැනවීමට තීරණය වී ඇත්තේ.

මේ අතර, අනාගත සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජෛව බුබුලක් යටතේ දැනට කොළඹ පුහුණුව ලබන 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට භානුක රාජපක්ෂ බඳවා ගැනීමට ද තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කළ ක්‍රීඩක ශාරීරික යෝග්‍යතා පරිසාදන මට්ටම් වෙත භානුක රාජපක්ෂ ළගාවීමත් සමඟයි.ඔහු, හෙට දින 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයේ ජෛව බුබුළට එක්වනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09