ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ, ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර අද (04) නිල හමුවක් පවත්වා තිබෙනවා.
ඒ නාවික හමුදා මූලස්ථානයේදී යි.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා විසින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය ශුභාශිංසන පිරිනැමීම සිදුකර තිබෙනවා.
එමෙන්ම දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.
මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා.













