පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී, නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිළ ගණන් ඉදිරිපත් කරන ලද ආයතනයෙන් මිලදී නොගෙන, ඩිසයින් පොයින්ට් පුද්. සමාගම නැමති ආයතනයෙන් මිලදී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50 (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහ)ක පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් සිදුකර, දූෂණය නැමති වරද සිදු කිරීම හා ඒ සඳහා ආධාර අනුබලදීම යන චෝදනාව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම ඊට අදාළව ඩිසයින් පොයින්ට් පුද්. සමාගමේ හිමිකරු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා ද අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ.













