22 අභියෝගයට ලක්කළ පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනුකිරීමට අද අවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනුකිරීම සඳහා අද (03) දිනයේ අවස්ථාව ලබා දී තිබෙනවා.

අද (03) පස්වරු 3.00ට පෙර එම ලිඛිත දේශන ගොනුකිරීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.