2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව, එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත අද (03) දිනයේ දී බැර කෙරෙනවා.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 618,352 දෙනෙකුට වැඩිහිටි දීමනා රුපියල්3,091,760,000ක මුදලක් ගෙවීමට නියමිතයි .
එමෙන්ම අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 78,260 දෙනෙක්ට වැඩිහිටි දීමනා රු. 391,300,000ක මුදලක් ද එම ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කෙරෙනවා.
ඒ අනුව, අද දිනයේ සිට ප්‍රතිලාභී මුදල් අස්වැසුම බැංකු ගිණුම් මඟින් ලබ්බා ගනිඑම් හැකියාව පවතිනවා.













