යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් තණමල්විල, හම්බෙගමුව පොලිස් බල ප්රදේශයට අයත් පලුගහකන්ද රක්ෂිතයේ විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදි ගංජා හේනක සරුවට වගාකර තිබූ ගංජා වගාවක් සොයා ගැනීමට හැකිව තිබුණා.
එම ගංජා වල වටිනාකමක රුපියල් ලක්ෂ විස්සකට අධික බවයි වාර්තා වන්නේ.
වැටලීම අතරතුර සැකකරුවන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල, පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.













