පැය 24ක කාලයක් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, හෙට (03) රාත්‍රී 8.00 සිට අනිද්දා (04) රාත්‍රී 8.00 දක්වා මෙල්කෙස් ජය සැපයුම අත්හිටුවීමට නියමිත බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන්නේ.
අඹතලේ – දෙහිවල ජල සම්ප්‍රේෂණ නලයේ බත්තරමුල්ල, දියත උයන ආසන්නව සිදුකරන (පොල්දුව පාලම අසල) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන පැවසෙන්නේ.
නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරලවැල්ල, එගොඩඋයන, කටුකුරුන්ද යන ප්‍රදේශවලට මෙලෙස හෙට (03) රාත්‍රී 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
එමෙන්ම, සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ.සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව සඳහන්.













