වනඅලි, දුම්රියෙන් බේරගැනීමේ විසඳුම් සොයා අවබෝධතා ගිවිසුමක්

වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ සිදු වුණා.

“ක්ලීන් ශ්‍රී ලංකා”වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සමඟ එක්ව මහජන බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

3 Beam detection, Passive infrared ( PIR ) සංවේදක, ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝ ග්‍රෑම් 20ට වැඩි සතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම හඳුනා ගැනීම සහ අනවසර බලපෑම් හඳුනාගන්නා (Temper alarm ) පද්ධතියකින් මෙය සමන්විතය. දුම්රිය මාර්ග දෙපස සවි කරන සංඥා ලාම්පු (රතු/කහ/කොළ) මෙන්ම, දුම්රිය එන්ජින් මැදිරිය තුළ ස්ථාපනය කෙරෙන විශේෂ තිරයක් මගින් අලියා සිටින නිශ්චිත ස්ථානය රියදුරු වෙත කල්තබා සන්නිවේදනය කරනු ලබනවා.

පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ අදාළ නිලධාරීන් ඉදිරියේ මෙම පද්ධතියේ ආදර්ශ පරීක්ෂණය සාර්ථකව සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකසා තිබෙනවා.

මෙම ක්‍රියාවලිය වනඅලි අනතුරු බහුලව සිදුවන ස්ථාන 13කදී නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන මස සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය සජීවීව දැකබලා ගැනීම සඳහා අලුතින්ම නිර්මාණය කළ “slps.lk” වෙබ් අඩවියද දියත් කිරීමට නියමිතයි.

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පී.ඩී.එස්. බී. චන්ද්‍රසේන, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර, මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ විසින් අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද අතර, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහජන බැංකුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44