විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
අද (02) සහ හෙට (03) දිනයේ දී සිදු කෙරෙන මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් එරට ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ අමාත්‍ය විජිත හේරත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
ඩුබායිහි පැවැත්වෙන “Sri Lanka Beyond Your Dreams” වැඩසටහනේ දෙවැනි අදියරට ද අමාත්‍ය විජිත හේරත් එක්වීමට නියමිත අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි ද මෙම වැඩසටහනට එක්වීමට නියමිතයි.













