දිවයින පුරා සරසවි ආචාර්යවරුන් අද දවල් කෑම පැයේදී මහ පාරට

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (02) දිනයේ දිවා විවේක කාලයේ දී විරෝධතා සංවිධානය කර ඇති බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.