අභාවප්රාප්ත වූ ප්රවීණ ගායන ශිල්පී ප්රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට (03) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
කලක් රෝගාතුරව සිටි ප්රියංකර පෙරේරා ජාතික රෝහලේ දී අභාවප්රාප්ත වන විට වයස අවුරුදු 64 ක්.
ඔහුගේ දේහය අද (02) දහවල් සිට බොරැල්ලේ පුද්ගලිකා මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.













