Update – ඉරානය සහ අමෙරිකාව අතර ගැටුම් නිසා මැදපෙරදිග යුද උණුසුම යළි ඉහළට

මැදපෙරදිග යුද ගැටුම් යළි උත්සන්න වීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී සෞදි තෙල් නෞකා දෙකකට ඉරානය විසින් සිදු කළ පහරදීමකට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර ඉරානය Sirik ප්‍රදේශයේ නිවසක පැවති මංගල උත්සවයකට අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එම ප්‍රහාරයෙන් පුද්ගලයෙන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාර වලින් පසු ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජෝර්දානයේ ගල්ෆ් ඔෆ් අකාබාහි පිහිටා ඇති Camp Titin නම් අමෙරිකානු මැරීන් බලකා කඳවුර වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55