මෙරට පොලිසිය විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත ඩුබායි හි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන තුෂාන් නෙත්සර නොහොත් “කළු මල්ලි” එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ෂෙහාන් සත්සර නොහොත් “දෙහිබාලේ” නමැත්තාගේ සහෝදරයාවයි.
මෙරට නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඉදිරි දින කිහිපයේ දී මෙම සැකකරු මෙරටට් රැගෙන ඒමට නියමිතයි.













