අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මේ අතර පාන් මිල වැඩි වුවද අනෙකුත් කෙටි කෑම සදහා මිල වැඩි කිරීමට තම සංගමයේ විධායක සභාව තීරණයක් ගෙන නොමැති වුවද , පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට සහ තම බේකරි කර්මාන්තය ද ආරක්ෂා වන පරිදි මිල ගනන් ඉහළ දැමීමට තම සංගමයේ බේකරි හිමියන් වෙත දැනුම් දී ඇති බව එහි සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළා.













