ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ශ්රී ලංකා එක්දින හා ටෙස්ට් ක්රිකට් කණ්ඩායම්වල ක්රිකට් ක්රීඩිකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරියේ දී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බව විනිසුරුවරුවරයා සඳහන් කරනු ලැබුවා.













