පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පව්ටහින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට (31) පස්වරු 4.30 තෙක් වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබෙනවා.
මේ හේතුවෙන් හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්රජාවත්, එම වෙරළ ආශ්රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවක් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.













