“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න – ජනපති

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදුකර, නව යෝජනාද ඇතුළත් කර ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නා.

ඒ අනුව, ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ඇදී යාමට ඉඩ නොදී අදාළ සැලැස්ම ලබන මස 8 වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර 15වනදා වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

බැතිමතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම පූජා නගරය තුළ හරිත ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, පූජා නගරය තුළ පරිසරයට හානි වන දුම් පිටවන ඩීසල් වාහන සීමා කර, ඒ වෙනුවට විද්‍යුත් බස් රථ යොදා ගනිමින් ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමටත්, නගර සභාව යටතට බස් රථ ලබා ගෙන ක්‍රමානුකූල දෛනික සේවාවක් ලෙස පවත්වාගෙන යාමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන්ට පහසු, විධිමත් ප්‍රවාහන පහසුකම් පද්ධතියක් පූජා නගරය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කමද අවධාරණය කළා.

පාගමනින් ගමන් කිරීම සඳහා බැතිමතුන් දිරිගැන්වීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, පදිකයින්ට මෙන්ම පාපැදි භාවිතය වෙනුවෙන් වෙනම මංතීරු සකස් කිරීමත්, දුම්රියෙන් සහ බස් රථවලින් පැමිණෙන බැතිමතුන් සඳහා සිසිල් පරිසරයක් සහිත විවේක ස්ථාන ඉදිකිරීම පිළිබඳවත් සාකච්ඡා වුණා.

අනුරාධපුර පූජා භූමියේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් මිනිසුන් අත්හැර ගිය “නටබුන්” ලෙස පමණක් නොසලකා, ඒවා අදටත් ජනතාව වන්දනාමාන කරන “සජීවී ඓතිහාසික ස්ථාන” ලෙස සලකා බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දීය රජයේ දායකත්වය යටතේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙන අතර ඊට අදාළ සැලසුම් සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

සමස්ත ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී යුනෙස්කෝ සංවිධානය මඟින් සිදු කෙරෙන කොටස සහ ඉන්දීය රජයේ සහාය ඇතිව සිදු කෙරෙන කොටස පැහැදිලිව වෙන් කර පෙන්වීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එමඟින් මහා සංඝරත්නය ඇතුළු සැමට සමස්ත ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවද සඳහන් කළා.

පූජා භූමියේ දැනට පවතින වර්ග කිලෝමීටර 28ක පූජා භූමි සීමාව, වර්ග කිලෝමීටර 38ක් දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු නිසා සංවර්ධන කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා කාර්යයන් ප්‍රමුඛතාගත කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම, ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අදාළ ආයතන සමග සාකච්ඡා කර, ව්‍යාපෘති සඳහා එකින් එක මූලික එකඟතාවයන් ලබා ගෙන කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඇතුල් නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ සාධාරණ වන්දි ක්‍රමවේදයක් පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර පදිංචිකරුවන් සඳහා ඉඩම් ලබා දීම නිවාස හෝ වන්දි මුදල් ලබා දීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කර තීරණය කරන ලෙසත්, ඒ සඳහා සෘජුව මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෙත උපදෙස් දුන්නා.

අටමස්ථානය නියෝජනය කරන මහා සංඝරත්නයද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ඇතුළු මහජන නියෝජිතයින් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය ද, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04