නෙල්ලිඅඩි ප්රදේශයේ නිවසේ ආරක්ෂිත කැමරාවට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් මත ඊයේ (29) දිනයේ දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව නෙල්ලිඅඩි පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩමරාච්චි ප්රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් බවයි වාර්තා වන්නේ.
එම ප්රදේශයේ විශ්රාමික රාජ්ය නිලධාරියෙකුගේ නිවසේ ආරක්ෂිත කැමරාවට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිවෙස් හිමිගෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මෙම සැකකර මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.
සැකකරු හෙට (31) දිනයේ දී පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













