කැරිබියන් ප්රිමියර් ලීග් (CPL) තරගාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලහිරු කුමාර කොදෙව් දූපත් බලා පිටත්ව යනවා.
ලහිරු කුමාර එහිදී ‘ට්රින්බගෝ නයිට් රයිඩර්ස්’ කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.
මේ අතර, එංගලන්තයේ දී අන්තර් ටෙස්ට් ක්රිකට් ආකෘතිය යටතේ තරග කිරීමට ‘හැම්ප්ෂයර්’ (Hampshire) කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව සිටි ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේට, ඊට අදාළ NOC සහතිකය නොලැබීම හේතුවෙන් එම අවස්ථාව අහිමි වී තිබෙනවා.
කෙසේ වෙතත් වෙල්ලාලගේට මෙම සහතිකය (NOC) ලබා නොදීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.













