පරිසර සංරක්ෂණය තහවුරු කරමින් සංචාරක කර්මාන්තයේ ප්‍රර්වර්ධනය උදෙසා හක්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට අදාළව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් හක්ගල උද්භිද උද්‍යානයේ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් ඊයේ (28) දින සිදුකර තිබෙනවා.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් ද මෙම නිරීක්ෂණ චාරිකාව සමඟ එක්ව සිටියා.
එහිදී හක්ගල ප්‍රදේශයේ පවතින සුවිශේෂී භූගෝලීය පිහිටීම මත එම ප්‍රදේශයටම ආවේණික වූ විශේෂ ශාක වර්ග සංරක්ෂණය කිරීම වෙනුවෙන් ශාක සංරක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ඒ ආශ්රිත පර්යේෂණ සිදු කිරීම සඳහා මූලික විද්‍යාගාරයක් (Basic Laboratory) ස්ථාපිත කිරීම සහ ඊට අදාළ සැලසුම් සැකසීම සඳහාත්, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගනිමින් ස්වභාවික සෞන්දර්යය සුරැකෙන පරිදි නව ඇවිදින මංතීරු (Walking Trails) සහ කුඩා අඩිපාරවල් ඔස්සේ නිර්මාණය වන නව පරිසර කලාපයක් ස්ථාපිත කිරීමත් මූලික සාකච්ඡා සිදුව තිබෙනවා.
හඳුනාගත් දුර්ලභ හා ආවේණික ශාක විශේෂ සංරක්ෂණය සඳහා හරිතාගාර ඉදිකිරීම් මෙන්ම, එම ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමට මහජනතාවට සහ පර්යේෂකයන්ට පහසුකම් සලසා දීම මෙන් ම ස්වභාවික පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ස්වභාවධර්මයේ සුවය විඳිමින් නිදහසේ හුස්ම ගත හැකි ‘ශුන්‍ය විමෝචන’ කලාපයක් ලෙස මෙම පරිශ්‍රය සංවර්ධනය කිරීම සඳහාත් සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා.
ස්වභාවික පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් තිරසර සංචාරක කර්මාන්තය නංවාලීම සහ කඳුකර ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, ඊට අදාළ විධිමත් යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ද නිලධාරීන් වෙත ලබා දෙනු ලැබුවා.
හඳුනාගත් දුර්ලභ හා ආවේණික ශාක විශේෂ සංරක්ෂණය සඳහා හරිතාගාර ඉදිකිරීම් මෙන්ම, එම ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමට මහජනතාවට සහ පර්යේෂකයන්ට පහසුකම් සලසා දීම මෙන් ම ස්වභාවික පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ස්වභාවධර්මයේ සුවය විඳිමින් නිදහසේ හුස්ම ගත හැකි ‘ශුන්‍ය විමෝචන’ කලාපයක් ලෙස මෙම පරිශ්‍රය සංවර්ධනය කිරීම සඳහාත් සාකච්ඡා සිදු කළා.
ස්වභාවික පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් තිරසර සංචාරක කර්මාන්තය නංවාලීම සහ කඳුකර ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, ඊට අදාළ විධිමත් යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ද නිලධාරීන් වෙත ලබා දුන්නා.













