පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් 1025 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මෙම ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, එම මෙහෙයුම මඟින් මේ දක්වා වැටලීම් 261,375ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම මෙහෙයුම මඟින් මේ දක්වා සමස්ත සැකකරුවන් 260,660 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.













