පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමට සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පෙරවරුවේ ඔහුගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට ගොස් තිබුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ මන්ත්රීවරයා නිවසේ සිට නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායකට අද (29) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබුණා.
කෙසේ වෙතත් ඔහු එම කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටි අතර, මීට පෙර අවස්ථා දෙකක් දී මන්ත්රීවරයාට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත් ඔහු එහි පෙනී සිට නැහැ.
ඒ, අනුවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් මන්ත්රීවරයාව අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට මෙලෙස ගොස් තිබුණේ.













