නේපාලයට බලපෑ ජලගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 616ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට පොලිසිය පවසනවා.
මේ අතර මෙම ජල ගැලීම ටිබෙටයට ද බලපෑ අතර ටිබෙටයේ මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 07ක් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම ඛේදවාචකයෙන් නේපාලයේ තවත් 2,000කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මේ අතර ජලගැලීමට හසුව මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 07 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සොයාගෙන තිබෙනවා.
නේපාලයේ දකුණුදිග චිට්වාන් කලාපයට මායිම්ව පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවල පාවෙමින් තිබිය දී සිරුරු හමුවී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.













