හම්බෙගමුව පොලිස් බල ප්රදේශයට අයත් අලුත්වැව, කුකුල්කටුව ප්රදේශයේ දී එල්ල වූ වන අලි ප්රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ පුද්ගලයා සිය වගා භුමියේ රැඳී සිටින අතරතුර ඔහු මෙම පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
වන අලියා වගාවට පැමිණි අවස්ථාවේ පලවා හැරීමට යාමේදී මෙලෙස පහරකෑමට ලක්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බෙගමුව, අලුත්වැව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













