මුහුද මැද දැවැන්ත ගින්නක් – සාගර ජලය බුබුළු දමමින් පැසෙයි

මෙක්සිකෝ බොක්කෙහි සාගර පතුල ඔස්සේ විහිදන පරිදි ඉදිකර තිබූ ගෑස් නල පද්ධතියක සිදු වූ කාන්දුවකින් මහා අනතුරක් සිදු වූවා.

සාගර පතුලේ සිට කාන්දු වූ වායූන් ජලය තුළ දීම ගිනි ගැනීමට ලක් වුණු අතර මේ හේතුවෙන් සාගරයේ විශාල ප්‍රදේශයක් පුරා ගින්න පැතිරී පැවතුණා.

එහි උෂ්ණත්වය කොපමණ ද කිවහොත්, එම ප්‍රදේශය පුරා සාගර ජලය බුබුළු දමා පැසෙමින් (boiling) පැවැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානයට ලඟා වීමට පවා අදාළ අංශවලට මහත් අසීරු වූවා.

කෙසේ වෙතත් මේවන විට එය පාලනය කිරීමට සමත්ව ඇති බව වාර්තාවන අතර ඒ සඳහා පැය 05කට ආසන්න කාලයක් ගත වූ බව පැවසෙනවා.

ජල මතුපිට සිට මීටර 150ක් පමණ ගැඹුරු පතුලෙහි මෙම ගෑස් කාන්දුව හටගත් තිබෙන බව සඳහන්.

එමෙන්ම ගින්න හටගත් ස්ථානය ආසන්නයේ “තෙල් අට්ටාලයක්” ද පවතිනවා.

මෙම නල පද්ධතිය මෙක්සිකෝ රජයට සම්බන්ධ සමාගමකට අයත් බව යි වාර්තා වන්නේ.

සිදුවීමෙන් මිනිස් ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ.

එහෙත් මේ ආකාරයෙන් සාගරය තුළ සහ මතුපිට විශාල වපසරියක ජලය අධික උෂ්ණත්වයකට ලක් වීම මත සාගර ජීවීන් විශාල පිරිසකට දිවි අහිමි වන්නට ඇතැයි සැක කෙරෙනවා.

මේ අතර මෙම ගෑස් කාන්දුව සහ එය ගිනිගැනීම පිටුපස පවතින හේතූන් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බව එම නල පද්ධතිය හිමි සමාගම අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09