අර්ජුන් ඇලෝසියස්ට රජයෙන් ලැබුණ අවසරය

මෙන්ඩිස් සමාගම යළි ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව එම සමාගමෙහි මත්පැන් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ වීමට නියමිත යි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසන්නේ රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව යි.

2018 වසරේ සිට මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබා දී තිබු අවසරය අහෝසි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන්.

හිඟ බදු මුදල් යලි රජයට ගෙවීමට සමාගම එකඟ වූ බවත්, ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග ද සාකච්ඡා කර මෙම අවසරය ලබා දුන් බවත් සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.

ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන පනහක හිඟ බදු සමාගම විසින් ගෙවා ඇති බව ද ඔහු සඳහන් කරනවා. 

සම්පූර්ණ හිඟ මුදල වසර දෙකක් ඇතුළත ගෙවීමට එකඟතාවය පළ වී ඇති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එමෙන්ම තවත් සති තුනක් ඇතුළත රුපියල් මිලියන පනහක් ගෙවීමට නියමිතබව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

මෙන්ඩිස් සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් හට යි.

අර්ජුන් ඇලෝසියස් යනු, එම සිද්ධියට සම්බන්ධව මේවන විට මෙරටින් පළා ගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08