බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන උත්සවය අද (25) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ සහභාගී වී සිටියා.
කෙසේ වෙතත් මෙම ස්ථානයට පැමිණි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් යැයි පාවෙන පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
එලෙස විරෝධතාවයේ නිරත වූවන් සඳහන් කළේ, අතුරුදන් වූ තම ඥාතීන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨකර දෙන ලෙසයි.
මේ අතර අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අදාළ විරෝධතාවයේ නිරත පිරිස් වෙත පැමිණ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබා දෙන බවට සඳහන් කළා.
මෙම උත්සවය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් සහ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කට්ටුලන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමාරන්, ජේ. රජීවන් සහ එස්. ශ්‍රීභවනන්තරාජා මෙන්ම උතුරේ දිස්ත්‍රික්ක පහේ රජයේ නියෝජිතයන් ද සහභාගී වුණා.













